විදුහල්පතිතුමියගේ පණිවිඩය
ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ගෝලීය වශයෙන් කටයුතු කරන විට පාසල් දරුවන් යහපත් ආකල්පමය හා චර්යාමය වෙනසක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිමි.බහු සංස්කෘතික ජන සමාජයක් තුළ සිසු දරු දැරියන්ගේ සුවිශේෂී දක්ෂතා හා නිර්මාණශීලීත්වය මතු කරමින් විද්‍යාලීය කටයුතු වඩා නව්‍ය ස්වභාවයකින් ඉදිරිපත් කිරීමට උත්සහ දරන ගුරු පිරිසක් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිටීම විදුහල්පතිනිය ලෙස මම ලැබූ භාග්‍යයක් යැයි සිතමි.
වාර්ෂිකව අ.පො.ස (සා.පෙ ) විභාගයෙන් උසස් ලෙස සමත් දරුවන් සංඛ්‍යාව 100% මට්ටමක රඳවා තබා තබාගනිමින් විද්‍යා ,කලා, වාණිජ හා තාක්ෂණ අංශ වලින් සරසවි වරම් ලබන සිසු දරුවන් ප්‍රමාණාත්මකව වර්ධනය වීම අප විදුහල ලබා ඇති ජයග්‍රහණ අතර සුවිශේෂී තත්වයකි.එමෙන්ම විෂය සමගාමී කටයුතු රාශියක් අප විද්‍යාලයේ පවතින අතර ඒ තුළින් ජාතික හා ජාත්‍යන්තර තරග නියෝජනය කරමින් විශිෂ්ටයන් වූ දරු පිරිස අතිමහත්ය.
ඒ අතර විද්‍යාලීය පරිගණක ඒකකය මගින් අප විද්‍යාලයේ අධ්‍යාපනය ලබන හා ලැබූ සුවහසක් දරු දැරියන්ගේත් දක්ෂතා පදනම් කරගෙන සංකීර්ණ මට්ටමේ සන්නිවේදන තාක්ෂණික කටයුතු පුළුල් කර ගනිමින් විද්‍යාලයට නව වෙබ් පිටුවක් නිර්මාණය කිරීම දියුණුවේ මාවත කරා දින දින පියමන් කරන අප විද්‍යාලයේ ඉදිරිගමනට මහත් වූ දායකත්වයක් එක්වන බව මාගේ හැඟීම ය.
බහුවිධ ඉගෙනුම් ක්‍රම ප්‍රවේශ කරමින් අපේක්ෂිත ඉගෙනුම් ඵල කරා යොමුවීමට ගුරු-සිසු ඇතුළු පාසල් ප්‍රජාවටත් මින් ලැබෙන පිටිවහල ඉමහත්ය.
මේ සඳහා දායක වූ පරිගණක ඒකකයේ සියළුම ආචාර්ය මණ්ඩලයටත් දායක වූ සිසු දරු දැරියන් ඇතුළු සියලුම දෙනාට විද්‍යාලීය ස්තූතිය පිරිනමමින් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය දිනෙන් දින දිනේවා යි හදපිරි සෙනෙහසින් සුභ ප්‍රාර්ථනා කරමි.
විදුහල්පතිනිය