- උදෑසන 7.30 ට පාසල ඇරඹේන බැවින් ඊට පෙර පාසලට පැමිණ නිතිපතා පිරිසිදු කිරීම ආදිය කළ යුතුයි
- පාසලට නිල ඇදුමින් පැමිණිය යුතුය.තම උසස් පෙළ අධ්‍යයන කාලය තුල මෙය අණිවාරය වේ.
- සෑම අවස්ථාවකම දීම සීනුවට අනුව නොපමාව වැඩ කටයුතු ආරම්භ කළ යුතුය..
- සෑම පන්තියක ම නිශ්ශබ්දතාවය ආරක්ශා කළ යුතු අතර, අවසරයක් නොමැතිව වෙනත් පන්ති කාමරවල නොහැසිරිය යුතුය.
- නියමිත වේලාව තුළ දී හැර ආපන ශාලවට යාමෙන් වැළකී සිටිය යුතුයි.
- නිසි අවසරයක් නොමැතිව පාසල් වේලාව තුළ තම නියමිත ස්ථානවලින් බැහැරව නොයා යුතුයි.
- නියමිත රැස්වීම් වලට සහභාගී වීම අනිවාර්ය වේ.
- පන්ති කාමරය තුළ ඇති උපකරණ, සටහන්, පත්‍රිකා සියල්ල ආරක්ෂා කරගැබනීම ඔබට පැවරෙන වගකීමකි.
- ගුරු දෙගුරු, ශිෂ්‍ය නායක නායිකා, පන්ති නායක අණට කීකරු විය යුතුය.
- විද්‍යාලීය ගුරු මණ්ඩලය කෙරෙහි භක්තිමත්ව, ගෞරවය ආරක්ෂා වන පරිදි, සෑමවිටම තම උපරිම භක්තියෙන් කටයුතු කළ යුතුය.
- තම පන්ති කාමරයත්, විද්‍යාලීය භූමියත්, පිරිසිදුව, ශෝභමානව තබා ගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.
- සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහෝදරත්වයෙන් සැලකිය යුතු අතර විනීතවූත්, යුක්තිගරුකවූත් පැවතුම් ඇති විය යුතුයි.
- විදුහල තුළ තනිව හා සාමූහිකව කෙරෙන කාර්යයන් නිසි පරිදි ක්‍රමානුකූලව ආදර්ශමත් පරිදි සිදු කළ යුතුයි.
- ජංගම දුරකථන භාවිතා කිරීම සම්පූර්ණ තහනම්.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි